විටමින් B12 ඌන රක්තහීනතාවය

විටමින් B12 හෝ ෆෝලේට් ඌන රක්තහීනතාවයේ රෝග විනිශ්චය බොහෝ විට, වෛද්‍යවරයකු විසින් ඔබේ රෝග ලක්ෂණ සහ රුධිර පරීක්ෂණ ප්‍රතිඵල අනුව සිදු කරයි.

රුධිර පරීක්ෂණ

විටමින් B12 හෝ ෆෝලේට් ඌනතාවයක් සෑදීමට හැකියාව ඇති මිනිසුන් හඳුනා ගැනීමට උපකාර කිරීමට විවිධ වර්ගයේ රුධිර පරීක්ෂණ සිදු කළ හැක.

මෙම පරීක්ෂණ මගින් බලන්නේ:

  • ඔබට සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු හිමොග්ලොබින් (ඔක්සිජන් පරිවහනය කරන ද්‍රව්‍යයක්) මට්ටමක් තිබේද යන්න
  • ඔබගේ රතු රුධිර සෛල සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ද යන්න
  • ඔබගේ රුධිරයේ විටමින් B12 මට්ටම
  • ඔබගේ රුධිරයේ ෆෝලේට් මට්ටම

නමුත් සමහර මිනිසුන්ට ඔවුන්ගේ මෙම විටමින් වල සාමාන්‍ය මට්ටම් පිළිබඳව ගැටලු ඇති වීමට හෝ කිසිදු රෝග ලක්ෂණයකින් තොරව අඩු මට්ටම් ඇති වීමට හැකියාව ඇත.

මේ නිසා රෝග විනිශ්චයකට පැමිණමේදී ඔබගේ රෝග ලක්ෂණ ගැන සැලකිල්ලට ගැනීම වැදගත් වේ.

විටමින් B12 මට්ටම් පරීක්ෂා කිරීමේ යම් අවාසියක් වනුයේ වත්මන් බහුලව භාවිතා වන රුධිර පරීක්ෂාවෙන් මනින්නේ ඔබගේ රුධිරයේ ඇති මුලු විටමින් B12 ප්‍රමාණය වීමයි.

මින් අදහස් වන්නේ එය මනින්නේ "ක්‍රියාකාරී" සහ ඔබගේ ශරීරයට භාවිතා කළ හැකි විටමින් B12 ආකාර වගේම "අක්‍රිය", ශරීරයට භාවිතා කළ නොහැකි අකාරයි.

ඔබේ රුධිරයේ විටමින් B12 සැළකිය යුතු ප්‍රමාණයක් අක්‍රිය නම්, ඔබේ ශරීරයට ඒවා එතරම් ප්‍රමාණයක් භාවිතා කළ නොහැකි වුවත්, රුධිර පරීක්ෂාවෙන් ඔබට සාමාන්‍ය B12 මට්ටම් තිබෙන බව පෙන්විය හැක.

ඔබගේ රුධිරයේ ඇති විටමින් B12 ඔබේ ශරීරයට භාවිතා කළ හැකිදැයි තීරණය කිරීමට උපකාර කරන ඇතැම් රුධිර පරීක්ෂණ වර්ග ඇති නමුත් මේවා තවම පුළුල් ලෙස ලබා ගත නොහැකිය.

හේතුව හඳුනාගැනීම

ඔබේ රෝග ලක්ෂණ හා රුධිර පරීක්ෂණ ප්‍රතිඵල වලින් විටමින් B12 හෝ ෆෝලේට් ඌනතාවයක් හඟවනවා නම්, ඔබේ වෛද්‍යවරයා තවදුරටත් සිදු කළ යුතු පරීක්ෂණ සකසා දෙනු ඇත.

හේතුව හඳුනා ගැනීමට හැකි නම්, එය වඩාත් සුදුසු ප්‍රතිකාර තීරණය කිරීමට උපකාරී වනු ඇත.

උදාහරණයක් ලෙස, විසකුරු රක්තහීනතාවය (pernicious anaemia.) නම් තත්ත්වය පරීක්ෂා කිරීමට ඔබට අතිරේක රුධිර පරීක්ෂණ තිබිය හැක.

මෙය ස්වයං ප්‍රතිශක්තිකරණ තත්ත්වයක් වන අතර එහිදී ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගී සෛල වලට හානි කිරීමට ප්‍රතිදේහ නිපදවයි. ඉන් අදහස් කරන්නේ ඔබ කෑමට ගන්නා ආහාර වලින් විටමින් B12 අවශෝෂණය කිරීමට ඔබට නොහැකි බවයි.

විසකුරු රක්තහීනතාවය සඳහා වන පරීක්ෂණ සෑමවිටම නිශ්චිත නැති නමුත් බොහෝ වේලාවට ඔබට රෝගි තත්ත්වය තිබේ දැයි ඔබේ වෛද්‍යවරයාට හොඳ අදහසක් ලබා දෙයි.

විශේෂඥ වෛද්‍යතුමෙක්ගෙන් උපදෙස් ලබා ගැනීමට යොමු කිරීම

වැඩිදුර පරීක්ෂණ හා ප්‍රතිකාර සඳහා ඔබව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කළ හැක. මේවාට ඇතුළත් වන්නේ:

  • රුධිරය සම්බන්ධ රෝගි තත්ත්ව සඳහා ප්‍රතිකාර කරන විශේෂඥයා (heamatologist -හිමටොලොජිස්ට්) - ඔබට විටමින් B12 හෝ ෆෝලේට් ඌන රක්තහීනතාවය තිබේ නම් හා ඔබේ වෛද්‍යවරයාට හේතුව පිළිබඳව අවිනිශ්චිත නම්, ඔබ ගර්භණී නම් හෝ රෝග ලක්ෂණ වලින් ඔබගේ ස්නායු පද්ධතිය පීඩාවට පත්ව ඇති බව අදහස් කරන්නේ නම්
  • ජීර්ණ පද්ධතියට බලපාන තත්ත්ව සඳහා විශේෂඥයා (gastroenterologist -ගැස්ට්‍රොඑන්ටරෝලොජිස්ට්) - ඔබේ ජීර්ණ පද්ධතිය මගින් නිසි ලෙස අවශෝෂණය නොකිරීම නිසා ඔබට ඇති තරම් විටමින් B12 හෝ ෆෝලේට් නැති බවට ඔබගේ වෛද්‍යවරයා සැක කරන්නේ නම්
  • පෝෂණය හා සම්බන්ධ විශේෂඥයා (dietitian-පෝෂණවේදියා) - ඔබට දුප්පත් ආහාර වේලක් හේතුවෙන් ඇති වූ විටමින් B12 හෝ ෆෝලේට් ඌනතාවයක් ඇති බව ඔබේ වෛද්‍යවරයා සැක කරන්නේ නම්

ඔබේ ආහාර වේලේ විටමින් B12 හෝ ෆෝලේට් ප්‍රමාණය වැඩි කිරීමට පෝෂණවේදියෙක්ට පෞද්ගලික ආහාර සැලැස්මක් සකස් කළ හැක.